

📝කළු කුහරය
- ආලෝකය පවා ඇදගන්නා, විශාල ගුරුත්වාකර්ෂණ බලයක් සහිත, කළු පාට ආකාශ වස්තුවක් -
කළු කුහරයක් යනු කිසිදු පදාර්ථයකට මෙන්ම ආලෝකයට පවා පිටවිය නොහැකි අභ්‍යවකාශයේ ප්‍රදේශයකි. එය ඉතාමත් ඝන වූ ස්කන්ධයක් විසින් අවකාශ-කාල විරූපී කිරීමේ ප්‍රතිඵලයකි. කළු කුහරය වටා පවතින්නේ හඳුනා ගත නොහැකි, සිද්ධි ක්ෂිතිජය යනුවෙන් හැඳින්වෙන, නැවත නොපැමිනීමේ සීමාව ලකුණු කරන මතුපිටයි. එය කළු ලෙස හඳුන්වන්නේ එය මතට පතිත වන කිසිදු විද්‍යුත් චුම්භක තරංගයක් හෝ අංශුවක් පරාවර්තනය නොකර සම්පූර්ණයෙන් අවශෝෂණය කරගන්නා නිසාය. (තාප ගති විද්‍යාවේ එන කෘෂ්ණ වස්තු (Black Body) වැනිය).[1] ක්වොන්ටම් විද්‍යාවට අනුව කළු කුහර, සීමිත උෂ්ණත්වයකින් යුතු වස්තුවක් මෙන්, හෝකින් කිරණ විහිදුවයි. මෙම උෂ්ණත්වය කළු කුහරයේ ප්‍රමාණය අනුව අඩු වන බැවින් විශාල ස්කන්ධයකින් යුතු කළු කුහර නිරීක්ෂණය කිරීම අපහසුය.එය අදෘශ්‍ය වුවත්, වෙනත් පදාර්ථ සමග සිදුවන අන්තර්ක්‍රියා මගින් කළු කුහර හඳුනාගත හැකිය. අවකාශයේ ප්‍රදේශයක් වටා පරිභ්‍රමණය වන තරු පොකුරක චලන රටා අධ්‍යනය කිරීමෙන් කළු කුහරයක පිහිටීම හඳුනාගත හැකිය. එමෙන්ම, තරු යුග්මයකින් විශාල කළු කුහරයකට පදාර්ථය ඇදගන්නා විට, එම වායු සර්පිලාකිරව හැඩගැසී, අධි උෂ්ණත්වයකට භාජනය වී නිකුත් කරන විකිරණය, ප්‍රථිවි-ගත දුරෙක්ෂක මගින් හඳුනාගත හැක. තාරකා විද්‍යාඥයින් විසින් කළු කුහර තිබිය හැකි ස්ථාන විශාල ප්‍රමාණයක් හඳුනාගෙන ඇති අතර, චක්‍රාවාට ම්‍ධ්‍යයේ supermassive කළු කුහර පැවතිය හැකි බවට සාධක සොයාගෙන ඇත. ක්‍ෂිර පථය මධ්‍යයේ Sagittarius A* ප්‍රදේශයේ, සූර්ය-සකන්ධ මිලියන 2කට අධික සුපිරි-විශාල කළු කුහරයක් (Supermassive Black Hole) පවතින බවට, 1998 වර්ශයේදී, විද්‍යාඥයින් හට ශක්තිමක් සාධක හමුවුනි. නමුත් මෑතකදි කරන ලද පරීක්ෂන වලට අනුව මෙය සූර්ය-සකන්ධ මිලියන 4කට අධික විය යුතු බව සොයාගෙන ඇත.
© From Wikipedia
Leonid Meteor Shower
නොවැම්බර් මස ප්‍රධානම උල්කාපාත වර්ෂාව ලෙස සැලකෙන මෙය සෑම වසරකම නොවැම්බර් 17,18 දිනවල පමණ උපරිම අවස්ථාවට එළඹේ.
මෙහි උල්කාපාත පැමිනෙන්නාක් සේ පෙනෙන ස්ථානය(radiant point) සිංහ රාශිය පසුබිමේ ඇති අතර 55P/Temple-Tuttle වල්ගාතරුව නිසා මෙම උල්කාපාත වර්ෂාව ඇතිවේ. වල්ගාතරුව ගමන් ගන්නා මාර්ගයේ එමගින් විසිරුවා ගිය කුඩා වස්තූන් අතරින් පෘතුවිය ගමන් කිරීමේදී මෙසේ උල්කාපාත වර්ෂා ඇති වන අතර Leonids උල්කාපාත වර්ෂාව සදහා වැදගත් වන Temple-Tuttle වලගාතරුව 1865-66 යන වසර වලදී සොයාගනු ලැබීය.
එහි මධ්‍ය කොටසේ විෂ්කම්භය කිලෝ මීටර 3.6ක් පමණ වෙයි.
උපරිම අවස්ථාවේ පැයකට උල්කා 15ක් පමණ දැකගත හැකි වන අතර මේවා පැයට කිලෝ මීටර 70 ඉක්මවූ වේගයකින් ගමන් කරයි.
වසර 33කට වරක් පමණ leonids උල්කාපාත වර්ෂාවේ උපරිමය පැයකට උල්කාපාත 100කට වඩා වැඩි අවස්ථාවක් දක්වා එළබෙන අතර මෙම අගය සමහරවිට 1000 පමණ දක්වා ද ඉහල යා හැකිය.
එවිට එය Leonid storm ලෙස හදුන්වන අතර දැකිය හැකි උල්කාපාත ප්‍රමාණය නිරීක්ෂණය කරන ස්ථානය මත වෙනස් වේ. 1966දීත් අවසන් වරට 2002 වසරේදීත් දීත් මෙවැනි Leonid storm නිරීක්ෂණය කර ඇත.
Leonids උල්කාපාත වර්ෂාව වඩාත් දීප්තිමත් හා වර්ණවත් උල්කාපාත වර්ෂාවන්ගෙන් එකක් ලෙස සැලකෙන අතර නගර ආලෝකයෙන් පිටත පැහැදිලි අහසක් සහිත ප්‍රදේශයක සිට පහසුවෙන් නැරඹිය හැකිය.
උපරිමය නොවැම්බර් 17 වන දින අලුයම 4ට පමණ නැගෙනහිරින් අංශක 45ක් පමණ ඉහල අහසේදී නිරීක්ෂණය කල හැකියි.
(මෙවැනි නිරීක්ෂණය කිරීම් සදහා නිරීක්ෂණයට පෙර අදුරට ඇස හුරුකර ගැනීම මගින් නිරීක්ෂණය පහසු වනු ඇත)
India's #Chandrayaan3 becomes the first spacecraft to land near the south pole of the Moon! India is now the 4th country to land a spac...