James webb space telescope (JWST)
දැනට මිනිසා විසින් නිර්මාණය කරන ලද සංකීර්ණතම අභ්‍යවකාශ දුරේක්ෂය විදියට සලකන්නේ මේ දුරේක්ෂය. 1996 වසරේ මේක හදන්න ආරම්භ කරල කිහිප වතාවක්ම දුරේක්ෂය අභ්‍යවකාශ ගත කිරීම කල් ගියා. මේ වෙන විටත් ඩොලර් බිලියන ගණනක් මෙම ව්‍යාපෘතිය සදහා වියදම් කරලා තියෙන්නේ..
වසර ගණනාවක් විවිධ තත්ව යටතේ පරීක්ෂන නිමා කරලා jwst දුරේක්ෂය මේ වසරේ අග භාගයේදී ක්‍රියාත්මක කිරීමට නියමිතව තියෙනවා. පෘතුවියේ ඉදලා කිලෝ මීටර මිලියන 1.5ක් දුරින් තියෙන L2 point එක කියලා හැදින්වෙන සුර්යා වටා කක්ෂ ගත වන ලක්ෂයකට තමයි දුරේක්ෂය යවන්නේ. කිහිප වතාවක්ම පරීක්ෂණ කිරීමට ලක්වුනේ ඒ තරම් දුරකදී ගැටළුවක් ඇති වුනොත් නිවැරදි කිරීම ඉතා අපහසු නිසා.
මේක ඉතාම නවීන උපකරණ තියෙන ගොඩක්ම සංකීර්ණ ඒ වගේම විශාල ව්‍යුහයක්. Telescope එකේ ප්‍රාථමික දර්පනය දැනට අපිට තියෙන හොදම අභ්‍යවකාශ දුරේක්ෂය වෙන හබල් දුරේක්ශයටත් වඩා ඉතාම ලොකුයි. NASA එක වගේම ESA වගේ තව ආයතන කිහිපයක්ම එකතු වෙලා දියත් කරන මේ දුරේක්ෂයේ නිෂ්පාදන කටයුතු කරේ Northrop Grumman සහ
Ball Aerospace & Technologies කියන ආයතන.
විද්‍යාඥයයෝ ඉංජිනේරුවෝ සහ තවත් විවිධ ක්ෂේත්‍ර වල ඉන්න ගොඩක් දෙනෙක් අවුරුදු ගානක් මහන්සි වෙලා බිලියන ගානක් වියදම් කරලා මේ වගේ project එකක් කරන්නේ ඇයි? ඒකට හේතු ගොඩක් තියෙනවා.
Hubble දුරේක්ෂය විශ්වයේ ඉතාම ඈත තියෙන මන්දාකිනි වල තොරතුරු ගොඩක් අපිට ලබා දීල තියෙනවා. උදාහරණයක් විදියට hubble ultra deep field එක අවුරුදු බිලියන 13කට කලින් විශ්වයේ තිබ්බ මන්දාකිනි වල තත්වය පෙන්නුවා. හරියටම කිව්වොත් big bang එකෙන් අවුරුදු මිලියන සිය ගණනකට පස්සේ තිබුන මන්දාකිනි.ඒත් ඒ විශ්වයේ පලවෙනි මන්දාකිනි නෙවෙයි. එතනින් එහා තියෙන්නේ විශ්වයේ මුලින්ම හැදුන මන්දාකිනි. ඒවා ගොඩක් දුරින් තියෙන නිසා විශාල වශයෙන් රක්ත විස්ථාපනය වෙලා දැන් ඒවගේ තරංග ආයාමය අධෝරක්ත කලාපයේ තමයි තියෙන්නේ. අන්න ඒ නිසා විශ්වයේ මුල්ම මන්දාකිනි වලින් නිකුත් උන ආලෝකය බලාගන්නම විශේෂයෙන් හදපු දුරේක්ෂයක් තමයි james webb space telescope එක. ඊට අමතරව මන්දාකිනි එදා ඉදන් පරිණාමය උන විදිය බලාගන්න, පෘතුවිය වගේ තවත් ග්‍රහලෝක විශ්වයේ තියෙනවද කියලා නිරීක්ෂණය කරන්න /ඒවගේ සංයුතිය මොන වගේද කියලා බලන්න, තවත් ග්‍රහ පද්ධති නිරීක්ෂණය කරන්නත් jwst එකට හැකි වේවි. කලිනුත් කිව්වා වගේම මේක ඉතාම සංකීර්ණ ව්‍යුහයක්. කොටස් ගානක් තියෙනවා.ඒ නිසාම මේක කොටස් කිහිපයකට නවල තමයි L2 point එකට ගෙනියන්නේ.එකට යොදාගන්නේ Ariane 5 ECA කියන රොකට් එක. ප්‍රධාන වශයෙන් දර්පනය, හිරු ආවරණය, විද්‍යාත්මක උපකරණ ඇතුලත් කොටස සහ යානය කියන කොටස් මේකට ඇතුලත් වෙනවා.
ප්‍රථමික දර්පනය(mirror) විෂ්කම්භය මීටර 6.5ක් විතර වෙන එකිනෙකට වෙනස් ෂඩාශ්‍රාකාර කොටස් 18කින් විතර හැදුන කොටසක්. මේක ඉතාම අඩු උෂ්ණත්වයක් තියෙන තැන් වල(ප්ලුටෝ ටත් වඩා අඩු උෂ්ණත්වයක්) වැඩ කරන්න පුළුවන් විදියට හදලා තියෙන්නේ රත්‍රන් සහ බෙරිලියම් වලින්. ඒ කොටසට විතරක් කිලෝ ග්‍රෑම් 700ක් විතර ස්කන්ධයක් තියෙනවා. Mirror එක අධෝරක්ත කලාපයේ හොදින් වැඩ කරන්න නම් ඉතාම සංවේදී වෙන්න ඕනි. ඒකට සුර්යගෙන් පෘතුවියේන් සහ චන්ද්‍රයාගෙන් පිටවෙන අධෝරක්ත කිරණ වලින් ආරක්ෂා වෙන්න තමයි හිරු ආවරණයක්(sun shield) තියෙන්නේ. Sun shield එකත් සංකීර්ණයි. Layers කිහිපයක්ම තියෙනවා. හැමවෙලාවෙම දුරේක්ෂය පෘතුවියේ හෙවනැල්ලේ ඉන්න පුළුවන් විදියට තමයි කක්ෂ ගත කරන්නේ.
විද්‍යාත්මක උපකරණ වලින් වැදගත්ම වෙන්නේ near infrared camera, near infrared spectrograph, mid infrared instrument වගේ උපකරණ.
ඉතිං මෙච්චර මහන්සි වෙලා නිර්මාණය කරපු jwst එක මේ මාසේ 12 වෙනිදා French Guiana අභ්‍යවකාශ ගත කිරීමේ මද්‍යස්තානයට ගේනවා.
Jwst අවුරුදු 10ක විතර mission එකක් විදියට තමයි සැලසුම් කරලා තියෙන්නේ.
මේ දුරේක්ෂය අභ්‍යවකාශ ගත කරාට පස්සේ අපිට පුළුවන් වෙයි අවුරුදු බිලියන 13.5කට කලින්, ඒ කියන්නේ මහා පිපුරුමෙන් අවුරුදු මිලියන 200කට වගේ පස්සේ තිබ්බ විශ්වයේ තත්වය බලාගන්න.
No comments:
Post a Comment