Thursday 24 August 2023

 India's #Chandrayaan3 becomes the first spacecraft to land near the south pole of the Moon!

India is now the 4th country to land a spacecraft on the Moon, and they are now the only country to land successfully near the south pole of the Moon! #ISRO

Congratulations! 👏🇮🇳


Saturday 5 March 2022

 නාසා ආයතනය සමඟ ඔබේ නම සඳ වෙත යවන්න!

🌒🌒
නාසා ආයතනය ආටෙමිස් I සඳහා සූදානම් වෙමින් සිටියි.
ඇපලෝ ව්යාපෘතියට පසු දියත් කරන පළමු ‌චන්ද්ර මෙහෙයුම වන ආටෙමිස් I
මෙහෙයුමට ඔබේ නම එකතු කර එය මෙම වසරේ සඳ වටා කක්ෂගත වන විට NASA හි ඔරියන් අභ්යවකාශ යානයේ පියාසර කරන ෆ්ලෑෂ් ඩ්රයිව් එකක ඇතුළත් කර ගන්න - තවද එය ඔබට බාගත කිරීමට, මුද්රණය කිරීමට සහ බෙදා ගැනීමට හැකි බෝඩිං අවසර පත්රයක් ලබා ගන්න!🚀
👇👇👇👇👇👇👇👇👇


Tuesday 18 January 2022

 



අද දිනයේදී පෘථිවිය ආසන්නයෙන් ගමන් කරන අති විශාල ග්‍රහකය...😟


මේ මස 19 වනදා උදෑසන, එනම්  අද දින පෘථිවිය ආසන්නයෙන් විශාල ග්‍රහකයක් ගමන් කිරීමට නියමිතයි. මෙහි දළ විශ්කම්භය කිලෝමීටර 1.1 ක් පමණ වෙනවා. විශාලත්වය සන්සන්දනය කිරීමේදී මෙය ලොව ඇති උසම ගොඩනැඟිල්ල වන 

Burj Khalifa ගොඩනැඟිල්ලටත් වඩා මදක් විශාල වන අතර කොළඹ පිහිටි නෙළුම් කුළුනත් සමඟ සැසදීමේදී තුන් ගුණයක පමණ විශ්කම්භයකින් යුක්ත වෙනවා.


1994 PC1 (7482) ලෙස හඳුන්වන මේ ග්‍රහකය සූර්යයා වටා කක්ෂ ගතව ඇති ඇපලෝ කාණ්ඩයේ ග්‍රහකයකි. 1994 වසරේ දී ඕස්ට්‍රේලියානු ජාතික තාරකා විද්‍යාඥයෙකු වූ රොබට් මැක්නෝට් විසින් සොයාගන්නා ලද මෙම ග්‍රහකය සෑම අවුරුද්දයි මාස 7 කට (දින 572) වරක් සූර්යයා වටා එක් වටයක් සම්පුර්ණ කරනවා. ඉහත දෙවන රූපයේ දක්වා තිබෙන්නෙ මෙහි කක්ෂය යි. ඒ අනුව ඔබට පෙනෙනවා ඇති එය පෘථිවි කක්ෂය හරහා ගමන් කරන බව.



මේ ග්‍රහකයෙන් පෘථිවියට යම් තර්ජනයක් ඇතිවිය හැකිද?


විද්‍යාඥයින්ගේ ගණනය කිරීම් වල අනුව මෙම ග්‍රහකය පෘථිවියට ආසන්නයෙන්ම ගමන් කරන දින එනම් හෙට දින වන විට ග්‍රහකය පිහිටන්නේ පෘථිවියේ සිට කිලෝමීටර මිලියන 1.98 ක් පමණ දුරකින්. මේ දුර ප්‍රමාණය පෘථිවියේ සිට සඳට ඇති දුර මෙන් 5 ගුණකයටත් වඩා මදක් වැඩියි. එනිසා මේ ග්‍රහකයෙන් පෘථිවියේ සිටින අපට කිසිඳු ආකාරයක බලපෑමක් සිද්ද වෙන්නෙ නැහැ.


මේ ග්‍රහකය මීට වසර 89 කට පෙර, එනම් 1933 ජනවාරි 17 වනදා මෙවරටත් වඩා පෘථිවියට සමීපව ගමන් කර තිබෙනවා. එම අවස්ථාවේදී පෘථිවිය සහ ග්‍රහකය අතර දුර පරතරය වී තිබෙන්නෙ කිලෝමීටර මිලියන 1.1 ක් පමණයි. එසේම නැවතත් මේ ග්‍රහකය 2105 ජනවාරි 18 වනදා පෘථිවියට වඩා ආසන්නයෙන් ගමන් කිරීමට නියමිතයි. ඒ අවස්ථාවේදී මෙය පෘථිවියේ සිට පවතින්නේ කිලෝමීටර මිලියන 2.3 ක් පමණ දුරකින්.



මෙය පියවී ඇසින් නිරීක්ෂණය කල හැකිද?


මේ ග්‍රහකය පෘථිවියට ආසන්නම අවස්ථාවේදී එහි දෘෂ්‍ය දීප්ති විශාලනය වන්නේ +10ක් පමණ. මේ නිසා එය පියවි ඇසට හෝ දෙනෙතියකින් නිරීක්ෂණය කිරීමට අවස්ථාවක් උදා වන්නේ නැහැ.


නමුත් මෙය ප්‍රාථමික දර්පණයේ විශ්කම්භය අඟල් 6 හෝ ඊට වැඩි දුරේක්ෂයක් තුළින් නිරීක්ෂණය කිරීමේ හැකියාව පවතිනවා. එවැනි දුරේක්ෂයකින් ඔබ මෙය නිරීක්ෂණය කිරීමට බලාපොරොත්තු වන්නේනම් හෙට දින රාත්‍රී 7.30ත් රාත්‍රී 10ත් කාලය ඒ සඳහා තෝරාගන්න. මෙම කාලය තුළ ග්‍රහකය ගමන් කරන්නෙ මිථුන රාශි පසුබිමේයි. ඔබට Stellarium මෘදුකාංගය භාවිතයෙන් ඉහත කාලය තුල එය මිථුන රාශි පසුබිමේ ගමන් ගන්නා පථය සහ ඒ ඒ වේලාවන්හි පිහිටන ස්ථානය පහසුවෙන් සොයාගත හැකියි. 


එසේම එය එදින රාත්‍රී 7.55 සිට 7.57 අතර කාලය තුළ මිථුන රාශියේ Mu Piscium නැමැති තාරකාවට ඉතාමත් ආසනයෙන් ගමන් කරනවා. 


Mu Piscium යනු මිථුන රාශියේ ඉතා අඩු දීප්තියක් සහිත, නමුත් පියවී ඇසට දැකගත හැකි තාරකාවක්. මේ නිසා ඔබ දුරේක්ෂය ඉහත කාලය තුළ මේ තරුව වෙතට යොමු කර නොකඩවා නිරීක්ෂණය කිරීම තුළින් ඒ ආශ්‍රිතව ග්‍රහකය ගමන් කරන ආකාරය දැකගත හැකි වේ.

Wednesday 17 November 2021

 Follow us...

🚀Search for new things and conquer the world🇱🇰


 





📝කළු කුහරය

- ආලෝකය පවා ඇදගන්නා, විශාල ගුරුත්වාකර්ෂණ බලයක් සහිත, කළු පාට ආකාශ වස්තුවක් -

කළු කුහරයක් යනු කිසිදු පදාර්ථයකට මෙන්ම ආලෝකයට පවා පිටවිය නොහැකි අභ්‍යවකාශයේ ප්‍රදේශයකි. එය ඉතාමත් ඝන වූ ස්කන්ධයක් විසින් අවකාශ-කාල විරූපී කිරීමේ ප්‍රතිඵලයකි. කළු කුහරය වටා පවතින්නේ හඳුනා ගත නොහැකි, සිද්ධි ක්ෂිතිජය යනුවෙන් හැඳින්වෙන, නැවත නොපැමිනී‍මේ සීමාව ලකුණු කරන මතුපිටයි. එය කළු ලෙස හඳුන්වන්නේ එය මතට පතිත වන කිසිදු විද්‍යුත් චුම්භක තරංගයක් හෝ අංශුවක් පරාවර්තනය නොකර සම්පූර්ණයෙන් අවශෝෂණය කරගන්නා නිසාය. (තාප ගති විද්‍යාවේ එන කෘෂ්ණ වස්තු (Black Body) වැනිය).[1] ක්වොන්ටම් විද්‍යාවට අනුව කළු කුහර, සීමිත උෂ්ණත්වයකින් යුතු වස්තුවක් මෙන්, හෝකින් කිරණ විහිදුවයි. මෙම උෂ්ණත්වය කළු කුහරයේ ප්‍රමාණය අනුව අඩු වන බැවින් විශාල ස්කන්ධයකින් යුතු කළු කුහර නිරීක්ෂණය කිරීම අපහසුය.එය අදෘශ්‍ය වුවත්, වෙනත් පදාර්ථ සමග සිදුවන අන්තර්ක්‍රියා මගින් කළු කුහර හඳුනාගත හැකිය. අවකාශයේ ප්‍රදේශයක් වටා පරිභ්‍රමණය වන තරු පොකුරක චලන රටා අධ්‍යනය කිරීමෙන් කළු කුහරයක පිහිටීම හඳුනාගත හැකිය. එමෙන්ම, තරු යුග්මයකින් විශාල කළු කුහරයකට පදාර්ථය ඇදගන්නා විට, එම වායු සර්පිලාකිරව හැඩගැසී, අධි උෂ්ණත්වයකට භාජනය වී නිකුත් කරන විකිරණය, ප්‍රථිවි-ගත දුරෙක්ෂක මගින් හඳුනාගත හැක. තාරකා විද්‍යාඥයින් විසින් කළු කුහර තිබිය හැකි ස්ථාන විශාල ප්‍රමාණයක් හඳුනාගෙන ඇති අතර, චක්‍රාවාට ම්‍ධ්‍යයේ supermassive කළු කුහර පැවතිය හැකි බවට සාධක සොයාගෙන ඇත. ක්‍ෂිර පථය මධ්‍යයේ Sagittarius A* ප්‍රදේශ‍යේ, සූර්ය-සකන්ධ මිලියන 2කට අධික සුපිරි-විශාල කළු කුහරයක් (Supermassive Black Hole) පවතින බවට, 1998 වර්ශයේදී, විද්‍යාඥයින් හට ශක්තිමක් සාධක හමුවුනි. නමුත් මෑතකදි කරන ලද පරීක්ෂන වලට අනුව මෙය සූර්ය-සකන්ධ මිලියන 4කට අධික විය යුතු බව සොයාගෙන ඇත.

© From Wikipedia

 

අභ්‍යාවකාශයේ ගමන් කළ පළමු චීන ගගනගාමිනිය වන්නේ වැංග් යපින්ය. චීනය විසින් ඉඳිකරමින් සිටින් අභ්‍යාවකාශ නැවතුම්පොළක් වන ටියැන්ගොං වෙත සම්බන්ධ ප්‍රධාන මොඩියුලය වන ටියැංහේ සිට මෙයට ඇය සහභාගී විය.

 Leonid Meteor Shower



නොවැම්බර් මස ප්‍රධානම උල්කාපාත වර්ෂාව ලෙස සැලකෙන මෙය සෑම වසරකම නොවැම්බර් 17,18 දිනවල පමණ උපරිම අවස්ථාවට එළඹේ.

මෙහි උල්කාපාත පැමිනෙන්නාක් සේ පෙනෙන ස්ථානය(radiant point) සිංහ රාශිය පසුබිමේ ඇති අතර 55P/Temple-Tuttle වල්ගාතරුව නිසා මෙම උල්කාපාත වර්ෂාව ඇතිවේ. වල්ගාතරුව ගමන් ගන්නා මාර්ගයේ එමගින් විසිරුවා ගිය කුඩා වස්තූන් අතරින් පෘතුවිය ගමන් කිරීමේදී මෙසේ උල්කාපාත වර්ෂා ඇති වන අතර Leonids උල්කාපාත වර්ෂාව සදහා වැදගත් වන Temple-Tuttle වලගාතරුව 1865-66 යන වසර වලදී සොයාගනු ලැබීය.

එහි මධ්‍ය කොටසේ විෂ්කම්භය කිලෝ මීටර 3.6ක්‌ පමණ වෙයි.

උපරිම අවස්ථාවේ පැයකට උල්කා 15ක්‌ පමණ දැකගත හැකි වන අතර මේවා පැයට කිලෝ මීටර 70 ඉක්මවූ වේගයකින් ගමන් කරයි.

වසර 33කට වරක් පමණ leonids උල්කාපාත වර්ෂාවේ උපරිමය පැයකට උල්කාපාත 100කට වඩා වැඩි අවස්ථාවක් දක්වා එළබෙන අතර මෙම අගය සමහරවිට 1000 පමණ දක්වා ද ඉහල යා හැකිය.

එවිට එය Leonid storm ලෙස හදුන්වන අතර දැකිය හැකි උල්කාපාත ප්‍රමාණය නිරීක්ෂණය කරන ස්ථානය මත වෙනස් වේ. 1966දීත් අවසන් වරට 2002 වසරේදීත් දීත් මෙවැනි Leonid storm නිරීක්ෂණය කර ඇත.

Leonids උල්කාපාත වර්ෂාව වඩාත් දීප්තිමත් හා වර්ණවත් උල්කාපාත වර්ෂාවන්ගෙන් එකක් ලෙස සැලකෙන අතර නගර ආලෝකයෙන් පිටත පැහැදිලි අහසක් සහිත ප්‍රදේශයක සිට පහසුවෙන් නැරඹිය හැකිය.

උපරිමය නොවැම්බර් 17 වන දින අලුයම 4ට පමණ නැගෙනහිරින් අංශක 45ක් පමණ ඉහල අහසේදී නිරීක්ෂණය කල හැකියි.


(මෙවැනි නිරීක්ෂණය කිරීම් සදහා නිරීක්ෂණයට පෙර අදුරට ඇස හුරුකර ගැනීම මගින් නිරීක්ෂණය පහසු වනු ඇත)


Friday 12 November 2021

 


James webb space telescope (JWST)

දැනට මිනිසා විසින් නිර්මාණය කරන ලද සංකීර්ණතම අභ්‍යවකාශ දුරේක්ෂය විදියට සලකන්නේ මේ දුරේක්ෂය. 1996 වසරේ මේක හදන්න ආරම්භ කරල කිහිප වතාවක්ම දුරේක්ෂය අභ්‍යවකාශ ගත කිරීම කල් ගියා. මේ වෙන විටත් ඩොලර් බිලියන ගණනක් මෙම ව්‍යාපෘතිය සදහා වියදම් කරලා තියෙන්නේ..
වසර ගණනාවක් විවිධ තත්ව යටතේ පරීක්ෂන නිමා කරලා jwst දුරේක්ෂය මේ වසරේ අග භාගයේදී ක්‍රියාත්මක කිරීමට නියමිතව තියෙනවා. පෘතුවියේ ඉදලා කිලෝ මීටර මිලියන 1.5ක්‌ දුරින් තියෙන L2 point එක කියලා හැදින්වෙන සුර්යා වටා කක්ෂ ගත වන ලක්ෂයකට තමයි දුරේක්ෂය යවන්නේ. කිහිප වතාවක්ම පරීක්ෂණ කිරීමට ලක්වුනේ ඒ තරම් දුරකදී ගැටළුවක් ඇති වුනොත් නිවැරදි කිරීම ඉතා අපහසු නිසා.
මේක ඉතාම නවීන උපකරණ තියෙන ගොඩක්ම සංකීර්ණ ඒ වගේම විශාල ව්‍යුහයක්. Telescope එකේ ප්‍රාථමික දර්පනය දැනට අපිට තියෙන හොදම අභ්‍යවකාශ දුරේක්ෂය වෙන හබල් දුරේක්ශයටත් වඩා ඉතාම ලොකුයි. NASA එක වගේම ESA වගේ තව ආයතන කිහිපයක්ම එකතු වෙලා දියත් කරන මේ දුරේක්ෂයේ නිෂ්පාදන කටයුතු කරේ Northrop Grumman සහ 
Ball Aerospace & Technologies කියන ආයතන.
විද්‍යාඥයයෝ ඉංජිනේරුවෝ සහ තවත් විවිධ ක්ෂේත්‍ර වල ඉන්න ගොඩක් දෙනෙක් අවුරුදු ගානක් මහන්සි වෙලා බිලියන ගානක් වියදම් කරලා මේ වගේ project එකක් කරන්නේ ඇයි? ඒකට හේතු ගොඩක් තියෙනවා.
Hubble දුරේක්ෂය විශ්වයේ ඉතාම ඈත තියෙන මන්දාකිනි වල තොරතුරු ගොඩක් අපිට ලබා දීල තියෙනවා. උදාහරණයක් විදියට hubble ultra deep field එක අවුරුදු බිලියන 13කට කලින් විශ්වයේ තිබ්බ මන්දාකිනි වල තත්වය පෙන්නුවා. හරියටම කිව්වොත් big bang එකෙන් අවුරුදු මිලියන සිය ගණනකට පස්සේ තිබුන මන්දාකිනි.ඒත් ඒ විශ්වයේ පලවෙනි මන්දාකිනි නෙවෙයි. එතනින් එහා තියෙන්නේ විශ්වයේ මුලින්ම හැදුන මන්දාකිනි. ඒවා ගොඩක් දුරින් තියෙන නිසා විශාල වශයෙන් රක්ත විස්ථාපනය වෙලා දැන් ඒවගේ තරංග ආයාමය අධෝරක්ත කලාපයේ තමයි තියෙන්නේ. අන්න ඒ නිසා විශ්වයේ මුල්ම මන්දාකිනි වලින් නිකුත් උන ආලෝකය බලාගන්නම විශේෂයෙන් හදපු දුරේක්ෂයක් තමයි james webb space telescope එක. ඊට අමතරව මන්දාකිනි එදා ඉදන් පරිණාමය උන විදිය බලාගන්න, පෘතුවිය වගේ තවත් ග්‍රහලෝක විශ්වයේ තියෙනවද කියලා නිරීක්ෂණය කරන්න /ඒවගේ සංයුතිය මොන වගේද කියලා බලන්න, තවත් ග්‍රහ පද්ධති නිරීක්ෂණය කරන්නත් jwst එකට හැකි වේවි. කලිනුත් කිව්වා වගේම මේක ඉතාම සංකීර්ණ ව්‍යුහයක්. කොටස් ගානක් තියෙනවා.ඒ නිසාම මේක කොටස් කිහිපයකට නවල තමයි L2 point එකට ගෙනියන්නේ.එකට යොදාගන්නේ Ariane 5 ECA කියන රොකට් එක. ප්‍රධාන වශයෙන් දර්පනය, හිරු ආවරණය, විද්‍යාත්මක උපකරණ ඇතුලත් කොටස සහ යානය කියන කොටස් මේකට ඇතුලත් වෙනවා.
ප්‍රථමික දර්පනය(mirror) විෂ්කම්භය මීටර 6.5ක්‌ විතර වෙන එකිනෙකට වෙනස් ෂඩාශ්‍රාකාර කොටස් 18කින් විතර හැදුන කොටසක්. මේක ඉතාම අඩු උෂ්ණත්වයක්‌ තියෙන තැන් වල(ප්ලුටෝ ටත් වඩා අඩු උෂ්ණත්වයක්‌) වැඩ කරන්න පුළුවන් විදියට හදලා තියෙන්නේ රත්‍රන් සහ බෙරිලියම් වලින්. ඒ කොටසට විතරක් කිලෝ ග්‍රෑම් 700ක්‌ විතර ස්කන්ධයක් තියෙනවා. Mirror එක අධෝරක්ත කලාපයේ හොදින් වැඩ කරන්න නම් ඉතාම සංවේදී වෙන්න ඕනි. ඒකට සුර්යගෙන් පෘතුවියේන් සහ චන්ද්‍රයාගෙන් පිටවෙන අධෝරක්ත කිරණ වලින් ආරක්ෂා වෙන්න තමයි හිරු ආවරණයක්(sun shield) තියෙන්නේ. Sun shield එකත් සංකීර්ණයි. Layers කිහිපයක්ම තියෙනවා. හැමවෙලාවෙම දුරේක්ෂය පෘතුවියේ හෙවනැල්ලේ ඉන්න පුළුවන් විදියට තමයි කක්ෂ ගත කරන්නේ.
විද්‍යාත්මක උපකරණ වලින් වැදගත්ම වෙන්නේ near infrared camera, near infrared spectrograph, mid infrared instrument වගේ උපකරණ.
ඉතිං මෙච්චර මහන්සි වෙලා නිර්මාණය කරපු jwst එක මේ මාසේ 12 වෙනිදා French Guiana අභ්‍යවකාශ ගත කිරීමේ මද්‍යස්තානයට ගේනවා.
Jwst අවුරුදු 10ක විතර mission එකක් විදියට තමයි සැලසුම් කරලා තියෙන්නේ.
මේ දුරේක්ෂය අභ්‍යවකාශ ගත කරාට පස්සේ අපිට පුළුවන් වෙයි අවුරුදු බිලියන 13.5කට කලින්, ඒ කියන්නේ මහා පිපුරුමෙන් අවුරුදු මිලියන 200කට වගේ පස්සේ තිබ්බ විශ්වයේ තත්වය බලාගන්න.

  


ඔබ දන්නවාද?


ඇන්ඩ්‍රොමීඩා චක්‍රාවාටය රාත්‍රී අහසේ පියවී ඇසට පහසුවෙන් නිරීක්ෂණය කල හැකි තරමේ දීප්තියකින් දිස්වූවානම්, එය පසලොස්වක චන්ද්‍රයා මෙන් 6 ගුණයක පමණ විශාලත්වයක් සහිතව නිරීක්ෂණය කල හැකිය.

 


ඔබ දන්නවාද?


සෞරග්‍රහ මණ්ඩලයේ ඇති ග්‍රහලෝක අතරින් සඳෙහි මෙන් කලා නිරීක්ෂණය කල හැක්කේ බුධ සහ සිකුරු ග්‍රහලෝක වල පමණයි. එය පියවි ඇසට නොපෙනුනත් දුරේක්ෂයක් තුළින් බලන විට ඒවාහි කලා වෙනස් වන ආකාරය පහසුවෙන් නිරීක්ෂණය කල හැකියි. එම ග්‍රහලෝක පෘථිවිය සහ සූර්යයා අතර කක්ෂ ගතවී තිබීම මෙම කලා ඇතිවීමට හේතුවයි.

Wednesday 21 July 2021

 

LATEST NEWS
InSight Deploys Its Instruments
Journey to the Center of Mars With the InSight Lander Team

Scientists will talk about new findings in a question-and-answer session with the news media and public.

Scientists working with NASA’s InSight Mars lander will share new results in a virtual discussion at 9 a.m. PDT (12 p.m. EDT) on July 23. Since InSight landed on Mars in November 2018 its seismometer has detected hundreds of quakes. The InSight mission is helping teach scientists how all rocky planets – including Earth – formed.

The discussion will be livestreamed on NASA Television, the NASA app, the agency’s website, and multiple agency social media platforms, including the JPL YouTube and Facebook channels.

Speakers will include the following InSight science team members:

  • Mark Panning, NASA’s Jet Propulsion Laboratory in Southern California
  • Amir Khan, ETH Zurich and University of Zurich
  • Sabine Stanley, Johns Hopkins University

Members of the news media and public can submit questions using the hashtag #ASKNASA.

Earlier this year, the mission was extended for two years, running through December 2022.

Follow the InSight mission on Twitter at @NASAInSight for updates.

More About the Mission

JPL manages InSight for NASA's Science Mission Directorate. InSight is part of NASA's Discovery Program, managed by the agency's Marshall Space Flight Center in Huntsville, Alabama. Lockheed Martin Space in Denver built the InSight spacecraft, including its cruise stage and lander, and supports spacecraft operations for the mission.

A number of European partners, including France's Centre National d'Études Spatiales (CNES) and the German Aerospace Center (DLR), are supporting the InSight mission. CNES provided the Seismic Experiment for Interior Structure (SEIS) instrument to NASA, with the principal investigator at IPGP (Institut de Physique du Globe de Paris). Significant contributions for SEIS came from IPGP; the Max Planck Institute for Solar System Research (MPS) in Germany; the Swiss Federal Institute of Technology (ETH Zurich) in Switzerland; Imperial College London and Oxford University in the United Kingdom; and JPL. DLR provided the Heat Flow and Physical Properties Package (HP3) instrument, with significant contributions from the Space Research Center (CBK) of the Polish Academy of Sciences and Astronika in Poland. Spain's Centro de Astrobiología (CAB) supplied the temperature and wind sensors.

< >

 India's #Chandrayaan3 becomes the first spacecraft to land near the south pole of the Moon! India is now the 4th country to land a spac...